Monday, January 4, 2016

තනි යහන....



සඳ එළිය පවා තරු දෙසට එබී තව පතයිනම් මුදු උණුසුමක්
මල් කිණිති පවා තුරු දෙසට නැමී තව සොයයිනම් හද සිසිලසක්
සමණලුන් පවා මහ රැයෙත් ඇවිත් රූ බලයිනම් පිපි කඩුපුලක්
මට ලඟට ඇවිත් සිපගන්න දෙතොල් ඔබෙ කවුද දැම්මේ තහනමක්

නෙත තෙමුන විටක ඔබ තුරුළුකරන් මගෙ දෙතොල තැබුවත් හිස මතින්
ඒ දෙතොල අරන් මුළු ලොවට හොරෙන් මම සොයන්නද සුදු කඳු මුදුන්
මුදු මෙලෙක මතින් සුව දැණුන සැනින් ගත කිළිපොලන සුව කෙඳිරියන්
මට ලැබෙන වරම් තව දුරද ඉතින් මම බලන් ඉන්නද දින ගැනන්

සුබ නිමිති මැදින් උණුසුමක් අරන් ගත පුබුදුවන පෙති නැති මලක්
මධු පැණින් තෙමා රස සොරා බොන්න මම සොයනවා සුවබර ඉඩක්
නිදි නොමැති ගතින් වත රටා සොයන මගෙ නොහොක්මුන දසැඟිලි විතක්
මිට මොලවගනිමි නිදි නොමැති රැයක තනි යහන අද මට කටු ගොඩක්


කටුස්සා....

20 comments:

  1. කටුස්සා.. කවි වල අනවශ්‍ය වචන වැඩියි.. ඒකයි අවුල..

    ReplyDelete
    Replies
    1. ඒක හරි උඔම කියවලා බලහං තාලෙකට

      Delete
    2. සිතට ගතිමි.උම්ම්ම්ම්ම්මා.....

      Delete
  2. මං මුකුත් කියන්ෙනම නැ මයි..

    කිෙලා්මීටරයක් දිගට ෙප්ළිය ලියන ඒක උෙඹ අනන්නිය තාව ෙනව

    ReplyDelete
    Replies
    1. ලියන්න ගියහම ලියවෙන ඒවට මම මොනව කරන්නද සුදූ....

      Delete
  3. කසුටු ඉන්න කොට ඇදේ වෙන කෙනෙකුට ඉඩක් නැලුනේ ඒකනේ මේ...

    ලස්සනයි කසුටු

    ReplyDelete
    Replies
    1. නොදකින් වනචර හාවා...මගේ ඇද ලොකුයි.

      Delete
  4. කසුටු ඉන්න කොට ඇදේ වෙන කෙනෙකුට ඉඩක් නැලුනේ ඒකනේ මේ...

    ලස්සනයි කසුටු

    ReplyDelete
  5. ලස්සනයි කසුට්ටෝ................ නිර්මාණය අගෙයි

    ReplyDelete
    Replies
    1. මම දැන් මොනවද කියන්න ඕනේ උඹලට?

      Delete
  6. ලස්සනයි කසුට්ටයියේ
    දුක්බර තනියහන
    ජයවේවා!

    ReplyDelete
  7. පව් අප්පා..

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද රංජනී ඉතින්.....

      Delete
  8. කොල්ලා, කවි පද ටිකක් දිග වැඩියි වගේ. ඊලග වතාවේ ඒක ටිකක් මතක තියා ගනින්.

    ReplyDelete
    Replies
    1. හිටපන්කෝ...මීට පස්සේ ලියනවා අකුරු දෙකේ ඒවා....

      Delete
  9. ඉතින් වැලපෙන් නැතුව ඩබල් ඇඳක් ඕඩර් කරන්නකෝ....වචන වැඩි නිසා කවියේ රසයට හානියක් වෙලාද මන්දා...

    ReplyDelete
    Replies
    1. මම බලන් ඉන්නේ දෑවැද්දට ලොකූකූකූ ඇදකුයි ලොකූකූකූ කරෝල කූරියෙකුයි අරගන එනකම්...

      Delete