Wednesday, May 18, 2016

ගිම්හානය වෙනුවට මම වස්සානය වී එන්නද.......


දෙනෙත් අද්දර කඳුළු බිඳුවක 
මලානික සුව අයදිනා
සිතක වියපත් තරුණ සිතුවිලි 
තරු දෙනෙත් මත රැඳවෙනා
නිහඬ සීතල මත් බඹරතුඩු
මුදු කොපුල් මත ගැවසෙනා
අවදිකරනට සිහිනයෙන් මන
සුරඟනට අමතකවෙනා

පෙමට තහනම් නොමැති සිතකට
වසත්කල කවි පබඳෙනා
අයිතිවනු බැරි සොඳුරු ප්‍රේමය
සිත් තුරුල්ලේ වැලපෙනා
දමා යන්නට සිතෙන හැමවර
තවත් මා හට ලංවෙනා
අරුම සෙනෙහස ඔබගෙ මගෙ සිත
ගැඹුර අක්මුල් විහිදනා

කල්බැලූ සිත නිති රැඳෙන්නට
වරම් නැතිවූ ආදරෙන්
බලා ඔබදෙස පිරූ පෙරුමන්
සැඟෙවුවත් නොපෙනෙන ලෙසින්
හමුවනාවිට නුඹේ වත මත
නිති ඇඳෙන මුදු සිනහවෙන්
රවටගන්නේ කවුරු කාවද
අසරණව ගිය සිත් මතින්


කටුස්සා....

55 comments:

  1. Replies
    1. නොදකින්.... ඒ කමෙන්ට් එකේ කැත......

      Delete
  2. පිළිතුරු කවියක් ලියන්න හිත දුන්නේ නැහැ.ඕන නැහැ කියල හිතුන. කවි පද ටික ඒ තරමට රහට දැනුන ... :) මේ කවි ටික කියෙව්වම හිතුන අර කලින් කවි පන්තියදි කිව්වා වගේ නෙමේ මේ කවිත් තිබ්බට කමක් නැහැ කියල :D

    ReplyDelete
    Replies
    1. නොදැනෙන දේවල් බලෙන් දන්නවගන ලියනවට වඩා දැනෙන දේවල් ගැන ඉබේම ලියවෙන කවි ,කතා ලස්සනයි තමයි.මෙච්චරකල් ලියපු ඒවට එගෙම විශේෂ කැමත්තක් තිබුනේ නෑ.ඒත් මේ කවියට මමත් ගොඩක් කැමතියි.

      Delete
  3. වස්සානය කෙසේ වෙතත් වස්සෙක් වෙලා නං එයි .....

    ReplyDelete
  4. වරම් නැතිවූ ආදරයක් ?

    ReplyDelete
    Replies
    1. නැතිවෙන්න ඉඩ ගොඩක් වැඩි ආදරයක්.......

      Delete
  5. මොකද අනේ මෙව්වා ලියල අපිව මෙව්වා කරන්නේ? දන්නවනේ මෙව්වා කැඩෙන බිඳෙන එව්වා කියල... සලබලාන්!!

    ඉතාම ලස්සන.... ඒ වගේම වැදෙන කවි ටිකක්

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ.....දැන් පරණ ලදරම් යකඩ ගොඩවල් කැඩෙන්නෙත් "සලබලන්" කියලද?

      බොහොමත් ස්තූතියි උපේස්සා.....

      Delete
  6. මේක උබ අර කෙල්ලට යැව්වද

    ReplyDelete
    Replies
    1. මොන කෙල්ලොද මචෝ....උඹ දන්නවනේ....මම බ්‍රහ්මචාරීව දිවි ගෙවන අහිංසක මනුස්සයෙක් කියලා....

      Delete
  7. ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න දේකුත් නෑනේ.. අපුරුයි...
    මේකනම් හරියන වැඩක් නෙවෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. මේක කියවනකොට හිතුන ඒවා හරිද බලන්න පහුගියකාලේ පුරාම ලියපුවා ආයිමත් කියෙවුවා.හිතුන ඒවා මේකේ ලියන්න බයයි. පේන විදිහටනම් මල්ලී මේපාර ගුටිකන්න ලෑස්තිවෙලා වයසින් අඩු මලක් කඩන්න වගෙයි හදන්නේ.....බයවෙන්න එපා බන් ඕඉවාට.ගොඩක් හිතන්න යන්නත් එපා.

      age is an issue of mind over matter. if you don't mind, it doesn't matter.

      Delete
    2. නිර්මාණි-
      ඇගයීමට ගොඩක් ස්තූතියි.මම කියන්නෙත් ඒක තමයි.මේකනම් හරියන වැඩක් නෙමෙයි.....

      ඇනෝ-
      මම කවද්ද බං හිතලා වැඩක් කලේ....සීරියස් වෙන්න ඕනේ තැන්වල සීරියස් නොවීමේ පලවිපාක.....

      Delete
  8. වැලපීම සහ වේදනාව
    එකම අයුරකි
    දරාගන්නට
    නොහැකි වූ විට..

    ReplyDelete
    Replies
    1. දෙකේ වෙනසක් ඇත්තෙම නැද්ද?

      Delete
  9. //රවටගන්නේ කවුරු කාවද//
    ඔන්න වැදගත්ම ටික..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හිත් රවට්ටගන ජීවත්වෙන එක හෙන ජොලි බන්.....

      Delete
  10. වෙනද වගෙම අපූරු පදවැල් ටිකක්.හැබැයි මට හිතෙනව කටුසුගෙ කවිකමත් එක්ක මීටත් වඩා හොඳ නිර්මාණ,මං කිව්වෙ විිවධ තේමා ඔස්සෙ,මීටත් වඩා ටිකක් ගැඹුරට ගිහින් හුඟක් හොඳ නිර්මාණ කරන්න පුළුවන් කියලා.. ප්‍රේමයට විතරක් ම සීමා නොවී.

    ReplyDelete
    Replies
    1. කොහේද...මේ යකාට කොච්චර කිවුවත් මූ යන්නෙම නෑනේ ජඹුරට...මේ දවස් ටිකේ අර නරි කෙල්ලෙක් පස්සෙන් යනවා මිස මූට වැඩක් ඇත්තෙම නෑ.....

      බොහොමත් ස්තූතියි වරුසා.....

      Delete
  11. නියමයි මචං නියමයි. ඔහොම ම යං. මොකෙක් වෙලා හරි කමක්නෑ පලයං. එච්චරයි වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. උඹ කියන හින්දම යනවා ඕනේ බම්බුවක් වියන් කියලා.....

      Delete
  12. බාල අපරාධයක් කරන්න හදනවා වගේ කියල හිතෙන්නෙ මොකද බං.

    ReplyDelete
    Replies
    1. හැලපයියලගේ හිත් දූශනය වෙලා තියෙන්නේ.ඒකයි ඔය අනං මනං හිතෙන්නේ.....

      Delete
  13. හැලපේ කියපු එකමයි මටත් අහන්ඩ තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඔය මම කිවුවේ....උඹගේ මොලෙත් කරවෙලා.

      Delete
  14. රවටගන්නේ කවුරු කාවද
    අසරණව ගිය සිත් මතින්

    ඇත්තටම කටුස් , දැං ඔය රවට්ට ගත්තා ඇති නේද?
    බොහොම සුන්දර නිර්මාණයක් !

    ReplyDelete
    Replies
    1. මට ඇතිවුනාට කරන්න දෙයක් නෑ මැඩම්....කරන්න වෙලා තියෙන්නේ ඒකම තමයි.

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. "අරුම සෙනෙහස ඔබගෙ මගෙ සිත
    ගැඹුර අක්මුල් විහිදනා" ඕක තමයි ඉතින්.....ඇයිද මන්දා.....හැක්...අරුම සෙනෙහසක් ම වෙන්ටැ....

    ReplyDelete
    Replies
    1. දැන් මම උඹට මොකද්ද කියන්නේ.....ඔයා දන්නවනේ සුදූ ඉතින්, කියන්න ඕනේ නෑනේ.

      Delete
  17. සිතක වියපත් තරුණ සිතුවිලි කියන්නේ මොනවගේ ඒවද කටුස්....

    ReplyDelete
    Replies
    1. ඔයත් ඉතින් අර රවී අයියගේ කවි ලියන හැටි කියලදෙන පෝස්ට් එක බැළුවේ නෑ වගේ කතාකරනවනේ.....

      ඕකේ ලියන්න ඕනේවෙලා තිබුනේ "සිතක් වියපත් තරුණ සිතුවිළි"
      කියන එක.ඒත් "හල්" බිම වැටිලා. කියන්න ඕනේ වෙලා තිබුනේ වයස පරතරය වැඩි ආදරයක් ගැන. සමාවෙන්න නොසැලකිලිමත් කමට.

      Delete
  18. වස්සානෙ හම්බුනොත් කියන්නකො අපිටත්. අපිත් බලන් ඉන්නෙ වසන්තෙ එනකන්. :) :) :p

    හරිම ලස්සනයි කටුස්

    ReplyDelete
    Replies
    1. වසන්තේ පරක්කුයිලු මේ පාර.....))

      Delete
  19. වෙනද වගේම කවි සිතුවිල්ල අගෙයි.

    ReplyDelete
  20. Replies
    1. කටු ඇනිලා ඉවරයි දැන්.....

      Delete
  21. //අරුම සෙනෙහස ඔබගෙ මගෙ සිත
    ගැඹුර අක්මුල් විහිදනා//
    මේ අක්මුල් හිතේ ඈතට ඈතට පැතිරිල, ඔඩු දුවල එන රිදිල්ලට මෙයාකාර කවි ලියවෙනව වෙන්ට ඕනෙ. මට කවි ලියමන බැරි එකේ මෙහෙම කවි ලියනව දැක්කම ඉරිසිය හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකට රවී අයියා දාලා තිබුනා පෝස්ට් එකක්.කියෙවුවනේ....දැන් තියෙන්නේ ලියන්න කොනක ඉඳන්.

      Delete
  22. ආයෙ කවද කවි අහන්නද ........ඉහි...ඉහි....කටුස්සො....කවිනම් කොහෙන්නම් බැරිද .....කරත්ත ඉන්ජිමක් කාල ඇපෙක්ස් එකේ ගල් චුට්ටක් බොන්න නැති එක තමයි දුක....ගිය ලෝකෙට වෙලා සතුටින් හිටාං මල්ලි .

    ReplyDelete
    Replies
    1. යකෝ...මිනිස්සු හිතයි මම මැරිලා කියලා.....

      අඩේ මටත් දුක ඔය සීන් එක තමයි.ආපහු අවුරුදු දෙකකින් හම්බවෙමු....

      Delete
  23. බොහෝ දුරට තව මාස 2-3ට මේ අඩවියේ මම කොටන අන්තිම කමෙන්ට් එක. හම්බවෙමු ආපහු ඉක්මනින්ම පිළිවෙලක් කරගත්තට පස්සේ අළුත් ජීවිතය......
    ජයවේවා.....

    ReplyDelete
  24. ජය වේවා පරිස්සමින් ගිහිං වරෙන්

    ReplyDelete
  25. රැවටෙන්නේ රවටන්නේ ඇත්තටම ............

    ReplyDelete
  26. රහයි.... රහයි....
    තෙවෙනි කවිපේලිය හිතට තදින්ම දැණුනා...
    අතීතයට කෑ ගසා කියන්නට හැකිනම්.....

    ජයවේවා !!!

    ReplyDelete
  27. ඉතා හොද කවි ටිකක් කාලෙකින් රස වින්දේ

    ReplyDelete
  28. සහජ හැකියාව අගේ කොරමි

    ReplyDelete
  29. කවි ටික රහයි කටුසු...

    ReplyDelete
  30. වයස අඩු වුනාට ‍මොකෝ බං .ආදරේට වයස් බේධ නැතෝ...ඒකෙන් ගොඩ යන්න ලැබේවා..

    ReplyDelete
  31. ආසාවකට තාලෙකට වචන ටිකක් ලියාගන්න බැරි මට, මේ කවි දකිද්දී ඉරිසියාවක් වගේ එකක් දැනෙනවා. ඇත්තමයි හරිම ලස්සනයි

    ReplyDelete
  32. ආසාවකට තාලෙකට වචන ටිකක් ලියාගන්න බැරි මට, මේ කවි දකිද්දී ඉරිසියාවක් වගේ එකක් දැනෙනවා. ඇත්තමයි හරිම ලස්සනයි

    ReplyDelete