Thursday, June 9, 2016

සිහින අරගෙන හෙටත් නුඹ මට...




දිවිය දියකර ඔබ තුලම මට
හෙටත් හවසට එනවද
පා කරන්නට සුසුම් රළ පෙල
තුරුල් වී ලඟ ඉඳිමුද
සිහින ගඟ තුල කිමිද සැනසී
ලතෙත් සෙනෙහස විඳිමුද
අහිමිවන්නට උරුම සෙනෙහස
අහස් කුස තුල තව සොයමුද

ඈත අහසේ තරු කැකුළු මත
අහිමි හාදුව තියමුද
නෙත ගලායන දිය අතින් ගෙන
දිවි සිතුම් පැහැ කරමුද
ලගින් හිද දුර අපේ ප්‍රේමය
ලොව නෙතින් මග හරිමුද
සදාකාලික නොවුන කවියේ
පද එකින් එක ලියමුද

අහිමිවූවත් හෙට දිනක නුඹ
පෙමක අයිතිය මටමද
වෙන්වුනත් මට අයිති නැති පෙම
ඔහුට මේ ලෙස දෙනවද
තනිව ගෙවනා හුදකලාවක
මතක රස බැමි නුහුරුද
සිතෙහි නැතිමුත් තනිවුනොත් හෙට
දුවලා මගෙවෙත එනවද

කටුස්සා....

40 comments:

  1. Replies
    1. විස්ජකෝතුයි පොකුරු....

      Delete
  2. කාව්‍ය නිර්මාණය වගේම චිත්‍රයත් මගේ සිත් ගත්තා. කවුද සිත්තරා?

    ReplyDelete
    Replies
    1. https://afremov.com/Leonid-Afremov-bio.html

      Delete
    2. ඔය මූණූපොතේ සම්බන්දවුන චිත්‍ර සම්බන්ද "පේජ් කීපයක් තියනවා.හිතට අල්ලන එකක් තිබුනොත් බා ගන්නවා.මේකත් එහෙම එකක් විචා මාමේ.

      Delete
  3. අපූරුයි කටුස්සො... උඹේ කවි දැං එන්න එන්නම ටිකක් අර පුරුදු ආකාතියෙන් මිදෙන්න පටං ඇරං...
    මොකද්ද වෙනස

    ReplyDelete
    Replies
    1. නොවෙනස් වෙනසම මිස වෙන මොනවද බොල....

      Delete
  4. අක්ශාංශ ,දේශාංශ වෙනස් කරල තැනකට ගියාම ග්‍රහ අපල දුරු වෙනවලු. දැනෙන්නැද්ද වෙනසක් ?
    මටනම් හිතෙන්නෙ තරහ වෙලා හිටපු ග්‍රහයෙක් ලගට ඇවිත් වගේ ...😘

    ReplyDelete
    Replies
    1. මාත් හිතන් හිටියේ එහෙම තමයි බං. ඒත් ඒක එහෙම නෙමෙයිළු.හෙන ගහපු අහස් වලට රාහු මිසක සිකුරා එන්නෙම නෑළු.

      Delete
  5. කවිනම් ලස්සනඊ , එත් අර මග නතර කරලා තියන කතා ටික ලියනේ කව්ද?
    අ ටිකත් ලියන්න බලගෙන්න ඉන්නේ ලියන කල්

    ReplyDelete
    Replies
    1. ඒ ටිකනම් දැන්ම ලියවෙන එකක් නෑ මචෝ...මේක කොටන්නෙත් ෆෝන් කට්ටෙන්.ඒක මහ එපා කරපු වැඩක්. හන්චි කුචුම් නගා නැත්තන් මේක පබ්ලිශ් කරන්නවත් වෙන්නේ නෑ.ටිකක් සෙට්ල් වෙලා ලැට් ටොප් එකක් ගන්නකන් කතා ලියවෙන එකක් නෑ.

      Delete
  6. අපූරුයි.. ගොඩක් කාලෙකින්නේ....

    කතාව වෙනස් උනාද???

    ReplyDelete
    Replies
    1. අපො නෑ...කතාව එහෙම්මමයි....

      Delete
  7. කටුස්සා

    අහිමිවූවත් හෙට දිනක නුඹ
    පෙමක අයිතිය මටමද
    වෙන්වුනත් මට අයිති නැති පෙම
    ඔහුට මේ ලෙස දෙනවද

    කෙල්ල

    නැතුව නැතුව !

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා...කෙල්ලෝනේ බන්

      Delete
  8. ඇතත කියපං .....දැන් අර අඬපු එකේ ප්‍රයෝජන විඳිනව නේද?හරි හරි තව ටිකයි මචෝ....

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා...ප්‍රයෝජනනම් අප්‍රමානයි....

      Delete
  9. ලස්සනයි, හරි රහට පද ගලපලා.

    ජයවේවා!!!

    ReplyDelete
  10. කවි කවි සහ කවි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලෙඩ ලෙඩ සහ සන්නිපාත..
      ජයවේවා!!!

      Delete
  11. ලස්සන පද පෙලක් කටුසු! :)

    ReplyDelete
    Replies
    1. මහ රෑ හදිස්සියේ ලියවුන මේ කවිය පබ්ලිශ් කරගන්න විදිහක් නැතුව ඉන්න වෙලාවේ කරපු උදව්වට ගොඩක් ගොඩක් ස්තූතියි නගේ....

      Delete
  12. දැං දුවල එනකල් බලාගෙන ඉන්නවද?
    නියමයි.

    ReplyDelete
    Replies
    1. දුවල එනකන් නෙමෙයි බොල...යනකන්....

      Delete
  13. එල කොල්ලෝ. ඔයාගේ කවියක් කෙල්ලෙක්ට යවලා අසරණ කොල්ලෙක් ගොඩ දැම්මා. හැක හැක .

    ReplyDelete
    Replies
    1. අහලා කියපන් ඒ කෙල්ලට සහෝදරියෝ ඉන්නවද කියලා....

      Delete
  14. එල කිරි ඔය ඇවිල්ල තියෙන්නේ .....
    උගන්ඩාවට ජයවේවා ...!!!!!!

    ReplyDelete
    Replies
    1. සකල මොරොක්කො වැසියනේ...අප ඔබ සමගයි...

      Delete
  15. /වෙන්වුනත් මට අයිති නැති පෙම
    ඔහුට මේ ලෙස දෙනවද///

    කවියයි, චිත්‍රයයි දෙකම ලස්සනයි

    ReplyDelete
  16. නිසඳස අගෙයි. ලස්සනයි. මේක අදහසක් විතරයි කටුස්සෝ. මට හිතනවා එනවද කියනවට වැඩිය වදෝ කිව්වම ලස්සනට ඇදෙනවා කියල රිත්මයානුකුලව.
    දිවිය දියකර ඔබ තුලම මට
    හෙටත් හවසට එනවදෝ
    පා කරන්නට සුසුම් රළ පෙල
    තුරුල් වී ලඟ ඉඳිමුදෝ
    සිහින ගඟ තුල කිමිද සැනසී
    ලතෙත් සෙනෙහස විඳිමුදෝ
    අහිමිවන්නට උරුම සෙනෙහස
    අහස් කුස තුල තව සොයමුදෝ

    ඈත අහසේ තරු කැකුළු මත
    අහිමි හාදුව තියමුදෝ
    නෙත ගලායන දිය අතින් ගෙන
    දිවි සිතුම් පැහැ කරමුදෝ
    ලගින් හිද දුර අපේ ප්‍රේමය
    ලොව නෙතින් මග හරිමුදෝ
    සදාකාලික නොවුන කවියේ
    පද එකින් එක ලියමුදෝ

    අහිමිවූවත් හෙට දිනක නුඹ
    පෙමක අයිතිය මටමදෝ
    වෙන්වුනත් මට අයිති නැති පෙම
    ඔහුට මේ ලෙස දෙනවදෝ
    තනිව ගෙවනා හුදකලාවක
    මතක රස බැමි නුහුරුදෝ
    සිතෙහි නැතිමුත් තනිවුනොත් හෙට
    දුවලා මගෙවෙත එනවදෝ

    ReplyDelete
    Replies
    1. ආපහු කාලෙකට ලියන්නේ නෑ කියලයි හිතන් හිටියේ.ඒත් හදිස්සියේ සිද්දවුන දෙයජක් නිසා මේක ලිවුවා.අහන්න ඔනේවුනේ ප්‍රශ්නය හා ඉල්ලීම තමයි අන්තිම පද වලින් අහන්නේ.ඒකමයි "ද" කියන එකෙන් ඉවරකලේ.

      Delete
  17. හ්ම්ම්..කට උත්තරත් නෑ....පද පේළි ටිකකට කරන්න පුළුවන් හදියක්....no words ලු..

    ReplyDelete