Wednesday, October 26, 2016

මටත් හිතයි එන්නට සඳ රැස් අතරින්....



සුදුම සුදු කෙල්ලෝ මැද
කලුම කලු කෙල්ල උඹ
ඒ උනත් මට වඩා
සුදුම සුදු මල් පොකුර

මට කෙලින් මේසයේ
හැමදාම වාඩිගන
නළල රැලි වෙනකම්ම
අ'සයිමන්ට් කරන නුඹ
වෙතම නෙතු යොමනු මිස
වෙන කුමක් කරන්නද

රැලි වැටුන කෙහෙරැල්ල
ක්ලියෝපැට්‍රා නහය
ඇස් දෙකේ උලාගත්
පාට පෙට්ටියේ පාට
මිරිකුවොත් රතු වෙතැයි
සිතෙන නුඹේ කොපුල්තල
යස්සනියෝ පරදවන
නේක පැහැ නිය මඩල
ලෝගුවට යටවිච්ච
අනික් ටික මවනු මිස
නිදිමතේ සිටින මට
වෙන කුමන වැඩක් වෙද
ඒ උනත් තවම මට
මවාගනු නොහැකිවුන
අබායට නොවැසෙනා
ලොකුම ලොකු නුඹේ පස්ස
කවදනම් මවන්නද

ඉඳහිටක එසවෙනා
නෙත මාව දකිනවිට
නුඹේ මුව මත ඇඳෙන
හිත පිරෙන සිනහ මල
දවසකට දෙක තුනක්
ලැබුන්නැත්තන් මෙමට
කෑවේ නෑ වගේ වෙයි
සත් දිනක් එක දිගට

නික්මයන විට ලඟට
පැමින සුභ පතන විට
අඩි දෙකක් පසු පසට
යන්නේ මම නොදැනීම
නුඹේ දිග යක් නියට
අඩි දෙකට වඩා උස
උල්ම උල් කකුලකට
යටවෙලා මියයැතැ'යි
දැනෙන බියකට මිසක
නුඹේ අත අල්ලන්න
බියක් ඇති නිසා නොව

කටුස්සා....

Sunday, October 2, 2016

ඒ ඇති මට මගේ නෙත් යුග පියෙන තුරා ......





කළු වලාවෙන් වැසුන සඳවත
සිනා සෙද්දී නෙතු කොනින්
බොහෝ දුර ඇති වියලි පොලවක
මල් පිපෙන යුරු සැක සිතින්
යොමා සඳවත සැලෙන නෙතු පිය
බලා සිටියත් හිස්කමින්
කුමට තව තව හෙලනු සඳරැස
පොළව අසරණ වන ලෙසින්  

නගන කග පත දැවෙන එළියට
අන්ධ වන නෙතු යුග වසන්
උරුම නැති හෙට මවනු සිහිනය
සිත්කොනක ලොවටත් හොරෙන්
තුරුළු කරගන දිලෙන සඳවත
අකීකරු සිත තද කරන්
කුමක් කරමුද දුටුව විට ලොව
සඳ අහිංසක වැඩි බැවින්

එළිය පමණක් අයිති පොළවට
සඳක් උහුලනු බැරි සොවින්
කඳුළු නැගුනා පොළව නෙතු මත
සිහිව සඳ දුන් මතකයන්
ලංවෙනා බැරි ඈත දුර සිට
දිලෙන සඳ නොදකින ලෙසින්
තදකරන් හිත යොමමි නෙතු නුබ
දිලෙන තරු හිනහෙන බැවි