Monday, February 13, 2017

මම නුඹේ... නුඹ මගේ... අපි අපේ විතරනම්



මටත් ඉන්නවා පිස්සු හපුටියෙක්...

ඉවරයක් නැති කතා දෙතොල ලෙලවා කියන
නොතිබ්බොත් හූමිටිය බුරාගන මට බනින
හම්ම්... කියනා විටක කතා නොකලට බනින
මගේ කට අරින විට ගිනි අරන් මට රවන

ලංවෙලා හුරතලෙන් පපුතුරේ සුව සොයන
උණුහුමට ගුලිවෙලා කිසිත් නොකියා ඉන්න
මගේ අතැඟිලි හිසේ නොගැටුනොත් මා හපන
හිස සිඹින විට පෙමින් දෙනෙත් හිමිහිට වැසෙන

දුක හිතෙන වාරවල් හිතේ ගුලි කරගන්න
ලේසියෙන් කඳුලු බිඳු කිසි කෙනෙකු නොම දකින
කතා කරනා විටක සියල්ලම පිටදාන
වාන් ගැළුවා වගේ ඇස් දෙකෙන් වත්කරන

අන් එවුන් කියන හැම රසකතා රස විඳින
කිවුවොතින් මම එකක් ටියුබ් ලයිට් සේ ගැහෙන
හැඟුම්බර කතා මැද ගොං කතාවක් කියන
මගේ කටින් ගොං කතා පිටවුනොත් කොනිත්තන

එපා කිවු හැම දේම ඔළුව සොලවා අසන
දතකාලා කොහොමහරි දෙක තුනක්වත් කරන
අනාගත් පසුව එය දිව ඇවිත් මට කියන
මගේ බැණුමට බයේ දුක හිතෙන ලෙස ඉන්න

ජීවිතේ බර දරන් පොළව මත්තේ දුවන
මගේ ලඟදී කෙලවරක් නැති හීන රූ අඳින
ඒ හීන අහන මගේ මුවේ පුදුමය දකින
මේවා මේ කියන්නේ නිකමටැයි යලි කියන

ඕන හතිලවුවක් බය නැතුව මම කියන
දුක හිතෙන හැමවෙලේ ලඟ ඉදන් හිත හදන
මන්ද්‍රි දේවිය තරම් මා හටම කැප නොවන
මට අවැසි මම පතන ආදරය ලබාදෙන

මටත් ඉන්නවා පිස්සු බැල්ලියෙක්....
මමත් ආදරේ කරන...

-කටුස්සා-

27 comments:

  1. හ්ම්ම්ම්...මං ආසම කෑමක් තමයි මාළු ඇඹුල් තියල්....මේ කවිය මට මාළු ඇඹුල් තියල් වගේ...මාර රහයි..කන්න හිතෙනවා....😍

    ReplyDelete
    Replies
    1. යකෝ....මේකිට වෙන මොනවත්ම තිබුනේ නැද්ද .... ඇඹුල් තියල්.... හැක්... පරිස්සමෙන් හිටු.නැත්තන් තෝ ඇඹුල්තියල් වෙලා තමයි නවතින්නේ.

      Delete
  2. මේක මන් බුකියෙන් කියවලනෙ ආවේ, ඉතින් ආයෙත් කියනවා සුපිරියි..මම මගේ හබියටත් පෙන්නුවා මොකෝ එයාටත් ඉන්නෙ මේ වගේ එකියක් තමා

    ReplyDelete
    Replies
    1. මේක මේ නින්දනොයනවට ලියපු චූටි ගුඩ් මෝර්නින්ග් මැසේජ් එකක්. පොඩ්ඩක් කපලා කොටලා ගත්තා , මොකද මැසේජ් එකට පාවිච්චිකරලා තිබුන වචන ප්‍රසිද්දියේ බ්ලොග් එකක දාන්න බැරිනිසා.

      Delete
  3. /////ජීවිතේ බර දරන් පොළව මත්තේ දුවන
    මගේ ලඟදී කෙලවරක් නැති හීන රූ අඳින
    ඒ හීන අහන මගේ මුවේ පුදුමය දකින
    මේවා මේ කියන්නේ නිකමටැයි යලි කියන///////////////

    යකෝ ඔය වගේම පිස්සු බැල්ලියෙක්නේ අපේ ගෙදරත් ඉන්නේ...පිස්සු බල්ලන්ට හරියන්නේ පිස්සු බැල්ලියෝම තමයි...

    ReplyDelete
    Replies
    1. ////ඕන හතිලවුවක් බය නැතුව මම කියන
      දුක හිතෙන හැමවෙලේ ලඟ ඉදන් හිත හදන
      මන්ද්‍රි දේවිය තරම් මා හටම කැප නොවන
      මට අවැසි මම පතන ආදරය ලබාදෙන////////

      මගේ චූටි මැණික (එයා දැන් අවුරුදු පනස් තුනට ලඟාවෙන මැදිවියේ මැණිකක් ) ඔය වගේ ආදරයක්. ඒ ආදරය හා සෙනෙහස ලබාගන්නට පමනක් නොව ලබාදෙන්නත් අපි පොඩ්ඩක් "ට්‍රිකි" විය යුතුය :D

      පොඩි දුවලා මේ අරූ අංකල්ගේ කපටිකම් ඉගෙනගත යුතුය. තොපෙ මිනිසුන් තුලත් මෙවන් මිනිසුන් හමුවිය හැකිය. ආදරය ජීවිතයට මහා වටිනාකම් ලබාදේ. ඒ තුල ඕනෑම සුන්දර ආතල් ගැනීමට දෙදෙනාටම නිදහස තිබිය යුතුය. නිදහස යනු වල්බූරුම ටයිප් එකේ මොඩ්ල් එක නොව..... ඒ නම් අපි දෙදෙනා ..යනු මම සහ ඇය හෝ ඇය සහ මම යන මහා හඳුනා ගැනීම වේ. එය මහා ආත්මීය බැඳීමකි. ආත්මය කියා භාවිත කලේ සාහිත්‍යම අරුතෙන් මිස ආගමික සංකලපයකින් නොවේ. දෙදෙනා හඳුනාගැනීම නම්වූ බැඳීම ආගමික හෝ සංස්කෘතික මොන ලේවල් එකේ ආවත්, ආදරයට එය වඩාත් වැදගත්වේ. ආමෙන් :D

      Delete
    2. හ හා අරූ මාමිගේ කීමට එකඟයි මම මේක මගෙ හබියාට පෙන්නුවාම එයා මාව නෝන්ඩි කලා ඉතින් හිනා වෙවී මම කිව්වෙත් පිස්සු බල්ලන්ට හරියන්නේ පිස්සු බැල්ලියෝම තමයි කියලයි හි හී

      Delete
    3. බොරු නෙමේ පුතා ඕක ඇත්ත! අපේ දුව බදින්න ඉන්න එකත් පිස්සු බල්ලෙක්. දුවත් පිස්සු බැල්ලියෙක්. අපි දෙන්නා උන්ව රස විඳිනවා. අපිට අපිව මතක්වෙනවා...

      Delete
    4. අහම්බයෙන් සිද්දවෙන සමහර සිදුවීම් අපේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස්කරනවා හරි අපූරු විදිහට. ඒ වෙනස්කරගැනීම් වලට හිත කොච්චර ලෝභ වෙනවද කිවුවොත් ඇහැට පේන නොගැලපීම්, ගැලපගන්නත් හදනවා. හීන තියනවා. ඒත් මහාලොකුවට ඒ පස්සෙන් දුවන්නේ නෑ. අද ජීවත්වෙනවා සතුටින් ,හෙට ගැන ටිකක් හිතලා.

      Delete
  4. ඇඩෙනවා.. සෑහෙන්න බොන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. අන්න උඹලට දුක හිතෙන තැන. දැන් කවුරුත් නෑ බොන කොට උඹලට ටිකක් හිතන්න, කල්පනාකරන්න කතාවක් කියන්නවත් එකෙක්

      Delete
  5. //ජීවිතේ බර දරන් පොළව මත්තේ දුවන
    මගේ ලඟදී කෙලවරක් නැති හීන රූ අඳින
    ඒ හීන අහන මගේ මුවේ පුදුමය දකින
    මේවා මේ කියන්නේ නිකමටැයි යලි කියන

    ඕන හතිලවුවක් බය නැතුව මම කියන
    දුක හිතෙන හැමවෙලේ ලඟ ඉදන් හිත හදන
    මන්ද්‍රි දේවිය තරම් මා හටම කැප නොවන
    මට අවැසි මම පතන ආදරය ලබාදෙන//

    අඩේ වයිපව මතක් උනා...
    මන්ද්‍රී දේවි නම් දන්නෑ පඩි ගත්තාම ලාච්චුවට ගානක් දාල යන්නෙ මට එයැයිටම හොරෙන් සිගරට් එකක් වත් බොන්න.අනේ මන්දා බං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පිරිමි පිලිගන්න අදිමදි කලාට අම්මා සහ බිරිඳ නැත්තම් අද වෙනකොට මේ ලංකාවේ ගොඩක් පිරිමි වළලපු තැන්වල ගසුත් පැලවෙලා බං.....

      Delete
  6. බලාගෙන.... බුරිය වටේටම ඉංජෙක්සොන් ගහන්න වෙයි ....

    ReplyDelete
  7. මේ අරයා නෙමේ නේ. හපොයි අම්මේ.
    බුකියේ කියෙව්වා. ඒ ෂොක් එක තවම තියනවා.
    සිරාවටම සිරා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් අයියේ මේ විදිහට අගයනවට

      Delete
  8. හැමදාමත් වගේ ලස්සනයි කසුටු ....

    සබරේ

    ReplyDelete
    Replies
    1. උඹටනම් මාව කන්න කේන්ති ඇති කමෙන්ට් වලට උත්තර නොදෙනවට. මේ ඔක්කොටම වඩා නින්දට වෙලාවක් හොයාගන්න වෙලයි තියෙන්නේ. ඒක නිසාමයි මේ දේට එච්චර තැනක් දෙන්න බැරිවෙලා තියෙන්නේ.

      Delete
  9. Replies
    1. ස්තූතියි හෙන්රි අයියේ....

      Delete
  10. https://genius.com/Busta-rhymes-i-love-my-bitch-lyrics

    ReplyDelete