Monday, February 20, 2017

බැමි



ඇයි ඊයේ ආවේ නැත්තේ...?

වැඩක් තියනවද...?

කාටද...?

අපිට

මෙච්චර දවසක් තිබ්බෙම නැද්ද...?

කාටද...?

අපිට

තිබුනා

මොකද්ද?

සැනසීම

ඉතින් ඊයේ නාවේ ඒ සැනසීම වෙනකොහෙන් හරි හම්බුන නිසාද?

නෑ....

එහෙනම්?

විඳවන්න

මොනවද...?

ජීවිතය

ඇයි ජීවිතය විඳවන්නේ....?

නිදහසේ විඳින්න දෙන්නේ නැති නිසා... ඒ විඳිල්ල අවසානේ හැමදාම විඳවිල්ලක් ඉතුරුවෙන නිසා....

ඉතින් ඊයේ නාව එකෙන් සහනයක් ලැබුනද ඒ විඳවිල්ලට....?

නෑ... ලැබුනා කියලා හිත රවට්ටගත්තා විතරයි...ඒත් එක නින්දයි, ආපහු විඳවිල්ලමයි.....

දැන් මාව දාලා යන්න ඕනෙද...? ජීවිතය විඳගන්න...

එතන විඳීමක් නෑ කියලා ඔයා හොඳටම දන්නවනේ

ඔවු...ඒත් ඔයාට පසුතැවිලිවෙන දේවල් කරන්න උඩගෙඩි දෙන්නත් මට බෑ

මම පසුතැවිලි වෙන්නේ ඔයාව හම්බවෙන්න එන එකෙන්වත් අපි දෙන්නා අතර සිද්දවෙන දේවල් වලින්වත් නෙමෙයි.... දුර දිග නොබලා ගෙදර උවමනාවට කරගත්ත කසාදෙන්... මට කිසිම හැඟීමක් එන්නේනැති කෙනෙක් එක්කලා එකට නිදාගන්න වෙන එකෙන්

එහෙම කලේ ඇයි කියලා අහන්නේ නෑ... ඒත් ඔයා මේක දැනගන හිටියා ඉස්සර ඉඳලම

ඔවු... මම දැනගන හිටියා... ඒත් එකෙක්වත් මම කියන දේවල් අහන්න ලෑස්තිවෙලා හිටියේ නෑ.උන්ට අහස නිල් පාටට පේනකොට උන් හිතුවේ මටත් අහස පේන්න ඕනේ නිල් පාටටමයි කියලා.උන් නිකමටවත් ඇහුවේ නෑ උඹට අහස පේන්නේ රතුපාටට නේද කියලා.උන් පොඩ්ඩක්වත් ලෑස්තිවෙලා හිටියේ නෑ අහස නිල් පාටට දකින එකාට අහස නිල් පාටයි කියන්න වගේම අහස රතු පාටට දකින  එකාට අහස රතුපාටයි කියන්නත් අයිතියක් තියන වග පිලිගන්න

මේක මානසික ලෙඩක්ලූ

කවුද කියන්නේ?

මම අහගන ට්V ප්‍රෝග්‍රෑම් එකක කියනවා

එතකොට මෙච්චරකල් ඔයා මට ආදරේ කලේ ඔයා පිස්සෙක් නිසාද... මට ඔයාගේ ආදරේ දැනුනේ මම පිස්සෙක් නිසාද...?

මම  දන්නෑ...මම දැන්නෑ.... ඇයි ඔහොම කතා කියන්නේ... ඒ ආදරේ දැනුනේ ඔයාට විතරක් නෙමෙයි. මටත් ඒ විදිහටම දැනෙනවා.ඒත් අපි දෙන්නට කවමදාවත් එකතුවෙන්න බැරිමනම් අපි මොකද කරන්නේ ? අඩුමගානේ ආදරේ නිදහසේ විඳිගන්නවත් බැරිමනම් මොකද කරන්නේ

ඉතින් දැන් ඔයානේ කිවුවේ මේක පිස්සුවක් කියලා....

මොලේ රසායනික සංයුතිය වෙනස්වෙලාලු අපිට එහෙම හිතෙන්නේ

ඉතින් ඔය කියන රසායනික සංයුතියේ වෙනස්වීම නිසාම ඇතිවෙන එක ආදරයක් පිළිගන්න මිනිස්සු ඇයි ඒ නිසාම ඇතිවෙන මේ ආදරේ පිළිකුල්කරන්නේ...?

ඒක අපේ ආගමට, සංස්කෘතියට හොඳ නෑලූ.

ඒ කියන්නේ දෙන්නෙක්ගේ ආදරේට තහංචි දාන ගොබ්බ සංස්කෘතිය රැකගන්න අපි විඳවන්න ඕනෙද?

දන්නේ නෑ

එතකොට ඔය කියන මිනිස්සු ජීවිතකාලෙටම එකෙක් එක්ක විතරක් නිදාගත්තු එවුන්ද? කවදාවත් අල්ලපු ගෙදර වැට පැනපු නැති එවුන්ද? කිසිම ස්ත්‍රී දූශනයක් නොවෙන රටක ඉපදුන එවුන්ද?...  ලබ්බේ සංස්කෘතිය. අයියයි , නංගියි එකට හැමිනිලා පරම්පරාව හදාගත්තු එවුන්, තියන කුඩූකේඩු කමට ඉංදියාවෙන් එවුන්ව ගෙන්නගන රජකමට පත්කරගත්තු එවුන්, දෙයියෝ දුන්න ළමයි තරු පායාගන ඉපදුනා කියලා පිළිගන්න එවුන්, අනිත් එවුන්ට පලයල්ලා කියලා සංස්කෘතියට පාරවල් කපනවා. දවස පුරාම බීගන ඉන්න බේබද්දෝ ඒවට හුරේ දානවා. ආදරේ කරන්න ඕනේ ගෑණු පිරිමි විතරද? ගෑණියෙක්ට ගෑණියෙක්, පිරිමියෙක්ට පිරිමියෙක්  ආදරේ කරන්නම බැරිද?

බෑ...අනිත් උන්ට පිලිගන්න ලැජ්ජ නිසා එහෙම කරන්න බෑ. භෞතිකවාදය ඔලුව උඩ තියන් ඉඳලා ක්වන්ටොම් වාදයට නමස්කාර කරන, ක්‍රිශ්නමූර්තිගේ ඉඳලා ඕශෝට වෙනකම් කියවන උන් ලැජ්ජයි, මේ සරල මිනිස් අවශ්‍යතාවයන් තේරුම් ගන්න

ඇත්තටම මේක සරලද?

ඇයි නැත්තේ...කාගෙන්වත් දැනෙන්නේ නැති ආදරයක්, තෘප්තියක් මට ඔයාගෙන් දැනෙනවානම්, ලැබෙනවානම් ; වටේ පිටේ ඉන්න එවුන්ව සනසන්න මම මට කිසිම හැඟීමක් දැනීමක් දැනෙන්නේ නැති මනුස්සයෙක්ට ආදරේ කරන්න ඕනෙද... ඒ මනුස්සයා එක්ක නිදාගන්න ඕනෙද....

ඔයා පණ්ඩිත වෙලා

නෑ...මාව පණ්ඩිත කරලා...මුන්ගේ තුත්තිරි ඇලුන රෙද්ද පල්ලෙන් බේරෙන සුචිරිතවාදය මාව පණ්ඩිතයෙක් කරලා... මට දුකයි... කෑ ගහලා අඬන්න තරම් දුකයි.  කේන්තියි ,මුන්ව මරාගන මැරෙන්න තරම් කේන්තියි. ඒ වගේම අසරණයි... ඔයාව ජීවිතේට ඕනේ කියලා හිතෙන තරමට අසරණයි.

අපිට මේකට විසඳුමක් ලැබෙයිද?

දන්නේ නෑ.... මට දැනගන්න ඕනෙත් නෑ. හිතට දැනෙන ආදරේකට හේතු හොය හොයා යන්න තරම් නරුමවෙන්න මට බෑ.

දැන් ඔය නැගිට්ටේ යන්නද? අද ඉන්නේ නැද්ද?

බෑ... අද ඉන්න බෑ. මම හෙට එන්නම්

දැන් කොහේද යන්නේ?

නිදහස් දවසට දාන්න සිංහ කොඩියක් අරගන එන්න කිවුවා ගෙදරින්. ඒකත් අරගන ගෙදර යනවා....

12 comments:

  1. අන්න බිග්මැචුත් නවත්තන්නලු....!!!

    ReplyDelete
  2. ඔහම කතා කරනවද
    අනේ වාසනාවන්

    ReplyDelete
  3. අපි ජීවත්වෙන්නේ මහා අපූරු සමාජෙක කටුස්සෝ. හැමෝවම සනසන්න ඕන. ඒත් තමාට සැනසෙන විදිහත් අනුන්ට ඕන විදිහට වෙන්න ඕන. කුහක සුචරිතය.

    ReplyDelete
  4. නිදහස් දවසට දාන්න සිංහ කොඩියක් අරගන එන්න කිවුවා ගෙදරින්. ඒකත් අරගන ගෙදර යනවා....
    මේ ටික තමයි නියම. මුලු කතාවෙම ලඝුවක් මෙතන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එකඟයි...එතන තියනවා කතාවේ සේරම ටික...

      Delete
  5. බැමි බඳිනවා.... එකතු කරනවා... ලොකූ වැඩක් වෙනවා.... ඒත් හැමතැනම බැමි බැන්දම විකාරයක් වෙනවා... දරාගන්න බැරි වෙනවා... බැමි පුපුරලා යනවා... සමහර විට.. මහා විනාශයක් එක්කම..
    ජයවේවා..!!

    ReplyDelete
  6. ඔය සුචරිතේ පැත්තක තියල තමන්ගේ ජිවිතේ හොයාගත්ත නම් තමයි හොඳ...අපි අඩද්දී කදුළු පිහින්නේ ඔය සුච්රිතවාදියෝ නෙවිනේ...

    ඒ කොහොම වෙතත් කොන්ද පන තියෙන්න ඕනේ ආදරේ කරන්නත්...තමන්ට ආදරේ ඕනේ වුන පලියට, අනිත් එකාට විඳවන්න ඉඩ අරින එක නම් බොහොම කුජීතයි මල්ලි...එතන තියෙන්නේ තනිකරම ආත්මාර්ථය...අපිට අයිතියක් නැහැ ආදරේ ඕනේ වුන පලියට, තව කෙනෙකුගෙන් ආදරේ ලබන්න, කැප වීමක් කරන්න බැරි නම්...

    ReplyDelete
    Replies
    1. //අපිට අයිතියක් නැහැ ආදරේ ඕනේ වුන පලියට, තව කෙනෙකුගෙන් ආදරේ ලබන්න, කැප වීමක් කරන්න බැරි නම්...//එකඟයි

      Delete
  7. මේ බ්ලොග් ලෝකේ දෙබස්වලින් කතාලිවීමේ දක්ශයා ඔයාම තමයි. ඉස්සර වගේ නැතත් ඉඳලා හිටලා හරි මෙහෙම ලියන එක ලොකු දෙයක්. මල් කතාවලින් පටන් අරගන දැන් දැන් අමුතුම පාරකට වැටිලා. මේක, පහන් කණුව ඒකට සාක්ශි. අපරාදේ, මීට කලිනුයි කාත් කවුරුවත් නැතුව තනියෙන් තියන්න තිබ්බේ.

    ජය වේවා...

    ReplyDelete
  8. විඳවීම හා විඳගැනීම

    ReplyDelete
  9. මම මේ පැත්තට ආවමයි, මොනවා කියන්නද මන්දා....ලස්සනයි

    ReplyDelete
  10. බොහොම සංකීර්ණයි බං කටුස්සෝ.. කොන්ඩම් එක ගන්න ෆාමිසියට ගිහිං විසිතිස් වතාවක් මුදලාලි ඉස්සරහ ඇඹරෙන මිනිස්සු ඉන්න රටක් බන් අපේ සිරි ලංකාව.. පාවිච්චි කරන බවත් දන්නවා.. විකුණන බවත් දන්නවා.. ඒත් ඉල්ලන්න ලැජ්ජයි.. ඔන්න ඔය අවශ්‍යතාවය හංගා ගැනීමේ මෙවුවා එකටලු කියන්නේ දෙදහස් පන්සීය වසරක හිටං පැවත එන සංස්කෘතිය කියල ..

    ReplyDelete