Thursday, November 2, 2017

මගේ නින්ද ආයේ බිඳී



සඳ තරුත් සමගින් ඉඟිමැරූ
සිත පෙම්කරන මධු වසන්තේ
නුඹ සුළඟමය.... නුඹ සුළඟමය....
හමාවිත් දිවියම කැළඹවූ
සුවඳ දස අත විසිරවූ
නුඹ සුළඟමය....

නිදි නොමැති නෙතු අවදිව තැබූ
යන නොඑන මග නුඹවම පැතූ
නුඹ සුළඟමය.... නුඹ සුළඟමය....
නිසල සිතුවිළි සසලවූ
සිසිල ගත සිත පැතිරවූ
නුඹ සුළඟමය....

මුදු සිනිදු පෙති මත පිණි ඉසූ
රොන් සොයන බිඟු වල්මත් කෙරූ
නුඹ සුළඟමය.... නුඹ සුළඟමය....
නිවුන සිත ගින්නෙන් දැවූ
දැවි දැවී නුඹවම පැතූ
නුඹ සුළඟමය....


කටුස්සා....